වර්ෂ 1959 සැප්තැම්බර් මස 15 වැනි දින ජිනරතන බෙෘද්ධ මධ්‍යස්ථානයේ දී මුලින්ම ආරම්භ කළ අතර 1959 සිට 1969 දක්වා කාලයක් එහි රැදමෙින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ලදි.පාසල ආරම්භයේදී ශිෂ්‍යයින් 70 දෙනෙක් හා ගුරුභවතුන් තිදෙනෙකුගෙන් සමන්විත විය.පාසල ආරම්භයේදී සිටි මුල්ම ගුරුතුමිය ජේ.හේමාවති මහත්මියයි.
මොරකැටිය කණිෂ්ඨ පාසලක් ලෙස තිබූ මෙම පාසලේ දවසින් දවස සිසුන් සංඛ්‍යාව වැඩි වීම නිසා 1969දීි ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය විසින් වර්තමානයේ පාසල පිහිටි ස්ථානයේ පාසලේ පළමු ගොඩනැගිල්ල සාදා දෙන ලදි.
එදා සිට මේ දක්වා පාසල සංවර්ධනය කරමින් 1984 දී ර/ඇඹි/මොරකැටිය මහා විද්‍යාලය දක්වා ශීඝ්‍ර ලෙස වර්ධනය විය.දැනට අප පාසලේ ගොඩනැගිලි 11 කින් සමන්විත වන අතර වර්තමානය වන විට තෙමහල් ගොඩැගිල්ලක්ද අප පාසල සතුව තිබේ.ආරම්භයේ සිට මේ දක්වා වර්ධනය වූඅකාරය කෙසේද කියතොත් වර්තමානයේ අප පාසාලේ සාමාන්‍ය පෙළ දක්වා මෙන්ම කලා,විද්‍යා,වාණිජ වැනි උසස් පෙළ විෂයන් මගින් ද අප පාසලේදී අධ්‍යාපනය හැදෑරිය හැකිය.
පාසලේ විවිධ ක්‍රීීඩා දක්ෂතා තිබෙන බොහෝ සිසුන් ප්‍රමාණයක් හා ජයග්‍රහණ ලබා ගැනීමත් සමග 2018 වර්ෂයේ දී සබරගමු පළාත විසින් ර/ඇඹි/මොරකැටිය මහා විද්‍යාලය ක්‍රීීඩා පාසලක් බවට නම් කරන ලදි.
|
ආරම්භ කළ වර්ෂය |
1959.09.15 |
| එහි මුලදී සිට ගුරැ සංඛ්‍යාව, |
3 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
70 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජේ.හේමාවතී මහත්මිය |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/ඇඹි/මොරකැටිය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජේ.හේමාවතී මහත්මිය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1963 ජනවාරි 16 |
|
පාසල පැවැත්වූ ස්ථා |
ශ්‍රී ජිනරතන දහම් පාසලේ |
|
|
|
|
|
{QF3=5}