- පාසලට පෙ.ව7.30ට පෙර පැමිණිය යුතුය.
- පාසල් කාලය තුල ගුරුභවතෙකු ගේ අවසරයකින් තොරව පන්ති කාමරයෙන් පිටතට පැමිණිම නොකල යුතු අතර එසෙ පිටතට පැමිණීමේ දී බැහැර වීමේ අවසර පත පැලැඳිය යුතුය.
- ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම නිල ඇඳුම නිවැරදිවඇඳිය යුතුය.
- ගැහැණු දරුවන්ගේ කෙටි කොණ්ඩය නිල ඇඳුමේ කොලර් ඒ නොගෑවෙන සේ තිබිය යුතුය.දිගු කොණ්ඩය හොඳින් පීරා, ගොතා, අගින් දෙවරක් නමා කළු රිබන් පටි දෙකකින් ගැට ගැසිය යුතුය.
- පිරිමි දරුවන් ඉතා කෙටි වන ලෙස කොණ්ඩය කැපිය යුතු අතර විවිධ මෝස්තර වලට අනුව කොණ්ඩය නොකැපිය යුතුය.
- කිසිදු ආකාරයක විසිතුරු ආභරණ/ පළඳනා නො පැලදිය යුතුය.
- පාසලෙන් බැහැරව කිසිදු ස්ථානයක නිල ඇඳුමෙන් සැරසී අනිසි ලෙස නොහැසිරිය යුතු ය.
- පන්ති නායක නායිකාවන් හා ශිෂ්‍ය නායක නායිකාවන් විනය නීති කඩ කළොත් වහාම නිලයෙන් ඉවත් කරනු ඇත.
- පාසලට නො පැමිණි විටදී ඊට හේතු සඳහන් කර මව/ පියා/ භාරකරු විසින් ලිපියක් ඉදිරිපත් කළ යුතු අතර සතියකට වැඩි අසනීප සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
- අනවශ්‍ය මුදල් පරිහරණය සහ අවසර නොලත් ටිකත් පත් පාසල තුළ විකිණීම සහ මිලට ගැනීම තහනම්ය.
- වාණිජමය අත්පත්රිකා, කාඩ්පත් ආදිය විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව පාසල තුළ බෙදාහැරීම සිදු නොකළ යුතුය.
- කණ්ඩායමක් වශයෙන් පාසලෙන් බැහැරව යාමේදී ගුරු භවතෙක් සමඟ යා යුතු අතර ශිෂ්‍යයාවන් ගුරුවරියක් සමඟ යා යුතු අතර අදාළ නීති රීති පිළිපැදිය යුතුය.
- කිසිදු දරුවෙක් පාසල් කාලය තුළදී බැහැරින් පැමිණෙන්නන් අවසර නොමැතිව මුණගැසීම තහනම්ය.
- විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ද පාසල් නීතිරීති වලට ගරු කළ යුතුය.
- පාසලට අදාල නොවන මුදල්, ආභරණ ,ජංගම දුරකථන, CD,DVD ආදිය රැගෙන නොයා යුතුය.
- නිවසේ දී සකස් කළ ආහාර හා වතුර බෝතලයක් රැගෙන ආයුතු අතර පොලිතීන් රැගෙන නොයා යුතුය.
- උසස් පෙළ සිසුන්ගේ පාසල් පැමිණීම 80% වැඩි විය යුතුය.
- පාසල නිම වීමට පෙර බැහැරව යාමට අවශ්‍ය වේ නම් මව/ පියා /භාරකරු විසින් ඉල්ලීමක් කළ යුතුය.
- සිසු සිසුවියන්ට ෆේස්බුක් ආදී සමාජ වෙබ් අඩවි භාවිතය සම්පූර්ණයෙන් තහනම් ය.
- කලින් කලට ඇතුලත් කරන නීති රීති හා නියමයන්ට අනුකූල විය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි