විදුහල්පති පණිවිඩය
[මොරකැටිය මහා විද්‍යාලය]
දශක හයක් පුරා අඛණ්ඩ ඉන්දු ඛීලයක් සේ විවිධ අභියොග හමුවේ නොසැලෙමින් දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පියනගන ර/ඇඹි/මොරකැටිය මහා විද්‍යාලය ඇඹිලිපිටිය කලාපයෙ විවිධ මට්ටමේ ප්‍රථිඵල අත්පත්කරගත් පාසලකි.මොරකැටිය විදුහලේ දූ දරුවන් ගුණ ණැන සුසැදි අභිමානවත් සිසු දරුවන් පිරිසකි.අධ්‍යාපන,ක්‍රීඩා හා විවිධ තරගාවලි,කලාප,පළාත්,සමස්ථ ලංකා හා ඡාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් අප පාසල ජයග්‍රාහි මාවතක පෙර මං සලකුණු තබා ඇත.අදුරු මඩුල්ලේ නොමද මගපෙන්වීම යටතේ ස්වකීය අනන්‍යතාවයෙන් හා උතුම් මානුශීය ගුණාංගවලින් පිරිපුන් විශිෂ්ට පුරවැසියන් දැයට දායද කරමින් 2030 වසරේ ඇඹිලිපිටිය කලාපයේ විශිෂ්ටතම පාසල බවට පත්කිරීම අපගේ උදාර මෙහෙවර වන්නේය.............