මෙම වර්ෂයේ අප විදුහලේ ගණිත කඳවුර 2022.09.15 වන දින පැවැත්විණි. මේ සඳහා විද්‍යාලයේ විද්‍යා ගණිත ගුරුවරු
සහ 9 ශ්‍රේණියේ සිසු සිසුවියන් 97ක් පමණ සහභාගී වුණි.
මෙයට විෂය මාතෘකා 15 යොදා ගෙන ඇත. ගණිත කඳවුරේ
ආරාධිත අමුත්තා වූයේ ඇඹිලිපිටිය අධ්‍යාපන අධ්‍යක්ෂක කුමාර මහතාය. එහිදී ගණිතය ආශ්‍රය කරගෙන බොහෝ නැටුම්
ගැයුම් ඉදිරිපත් කරන ලදී. ඉන් පසු ශිෂ්‍ය භට කණ්ඩායම විසින් ළමුන් කණ්ඩායම් වලට බෙදන ලදී. කඳවුර මගින් සිසු
සිසුවියෝ ප්‍රායෝගිකව බොහෝ දැනුමක් අත් පත් කර ගන්නා ලදී. කඳවුර පැවැත්වීම සඳහා ජෙම්ප් ආයතනය, ගුරුවරුන්
සහ දෙමාපියන් අප හට නොමඳ සහය ලබාදුණි.